23.9 C
Colombo
Tuesday, January 13, 2026

යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ

Published:

මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම රජය විසින් අද (03 වැනිදා) ආරම්භ වනවා.

ඒ අනුව මේ වන විට අස්වනු නෙලීම ආරම්භ කර ඇති අම්පාර, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පළමු අදියර යටතේ වී මිලදී ගැනීම සිදු වනු ඇති.

මේ සදහා අයවැයෙන් රුපියල් බිලියන 06 ක මුදලක් වෙන් කර තිබෙනවා.

නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක්ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125 ක්ද, කීරි සම්බා වී සඳහා රුපියල් 132 ක සහතික මිලක් ගොවීන්ට ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.

ඉකුත් මහ කන්නයේදී රජයට ප්‍රමාණවත් පරිදි වී තොග නොලැබුණු බවද ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img