28.9 C
Colombo
Saturday, July 5, 2025

වී මිලදී ගැනීම හෙටින් ඇරඹේ – වී මිල ගණන් මෙන්න

Published:

යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (03) සිට රජයේ ගබඩා ගොයම් කපන ස්ථානවල විවෘත කර වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිතයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ වී මිලදී ගැනීම සඳහා මේ වනවිට රුපියල් කෝටි 600 ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව ඇති බවයි.

පසුගිය දා වී අලෙවි මණ්ඩලය හා සෙසු පිරිස සමග පැවති ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව අම්පාර, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වයඹ සහ දකුණු ප්‍රදේශවල මෙලෙස වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිත බවද සඳහන් කළා.

නාඩු වී කිලෝවක් රුපියල් 120 කට, සම්බා වී කිලෝවක් රුපියල් 125 කට හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට රජයේ ගබඩාවලට මිලදී ගැනීමට නියමිතයි.

තෙත වී සඳහා ද මෙවර මිලක් නියම කර ඇති අතර, ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102 කට, සම්බා තෙත වී කිලෝවක් රුපියල් 105 කට සහ කීරි සම්බා තෙත වී කිලෝවක් රුපියල් 112 කට විකිණිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img