30 C
Colombo
Saturday, July 5, 2025

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

Published:

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 17.9%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මේ වසරේ මැයි මාසයේ සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් මිලියන 164ක් වනවා.

මේ වසරේ ගත වු කාලය තුළ මුළු සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 118ක් වැය වී ඇති අතර ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ඇමෙරිකා ඩොලරි මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6.3ක් වනවා.

එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img