29.5 C
Colombo
Sunday, July 6, 2025

ඔස්ට්‍රේලියානු යුද නෞකා 4ක් දිවයිනට …..

Published:

ඔස්ට්‍රේලියානු යුද නෞකා 4ක් අද දිවයිනට ළඟා විය.

මේ යටතේ නෞකා දෙකක් කොළඹ වරායට සෙන්දු වූ අතර තවත් නෞකා දෙකක් පැමිණියේ ත්‍රිකුණාමලය වරායට ය.

ඒ, ශ්‍රී ලංකාව සමග ඔස්ට්‍රේලියාව පවත්වනු ලබන විශාලතම ආරක්ෂක අභ්‍යාසය සඳහා ය.

මෙම නාවික අභ්‍යාසය ඉන්දු – පැසිෆික් එන්ඩෙවර් 2019 ලෙස නම් කර තිබේ.

දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු යුද නෞකා අතරට HMAS කැන්බරා, නිව් කාසල්, සක්සස් සහ පරමෑට යන නෞකා අයත් ය.

හමුදා අභ්‍යාසය සඳහා ඔස්ට්‍රේලියානු නාවික, ගුවන් හා යුද හමුදා සාමාජිකයින් දහසකට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාව සමග ගඟේ වාඩිය සහ කුකුලේ ගඟ ප්‍රදේශවල පුහුණු ක්‍රියාකාරකම්වලට එක්වනු ඇති.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග පැවැත්වෙන පුහුණු ක්‍රියාකාරකම් සඳහා ඔස්ට්‍රේලියාවට අයත් P-8 වර්ගයේ ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන හමුදා අභ්‍යාසයෙන් අනතුරුව එම ඔස්ට්‍රේලියානු යුද නෞකා ඉන්දියාව, ඉන්දුනීසියාව, මලයාසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල ද සංචාරය කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img