25 C
Colombo
Thursday, August 21, 2025

අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසකට නඩු

Published:

රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත යටතේ මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය හමුවේයි.

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 සහ 2020 වර්ෂ වලට අදාළව රුපියල් 1,035,473,988 ක වැට් බදු මුදලක් ගෙවීම වග උත්තරකරුවන් විසින් පැහැර තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් මස 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන් ඇල්සියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට වරදකරුවන් කෙරුණු අදාල වගඋත්තර කරුවන් දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර මාස හය බැගින් සිර දඬුවම් නියම කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img