28.9 C
Colombo
Saturday, July 5, 2025

ජනපති ගැන චීනයේ කටකතා

Published:

චීන ජනාධිපති ෂී ජින්පින් සති දෙකකට ආසන්න කාලයක් පුරා කිසිඳු ප්‍රසිද්ධ අවස්ථාවකට හෝ මහජනයා හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එරට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් පවතී.

එම වාර්තා පෙන්වා දෙන්නේ සිදුවිය හැකි බල අරගලය, සමාජ නොසන්සුන්තාව සහ ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ කනස්සල්ල ඇතුළු දැඩි කතාබහක් ඒ ඔස්සේ රට තුළ පවතින බවයි.

බ්‍රසීලයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුව සඳහා ද ජින්පින් සහභාගී නොවන බවත් ඒ වෙනුවට අග්‍රාමාත්‍යවරයා සහභාගී වන බවත් චීනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ජින්පින් බලයට පැමිණීමෙන් අනතුරුව ඔහු බ්‍රික්ස් සමුළුවක් මග හරින පළමු අවස්ථාව මෙය බවයි.

පාලක චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) මැයි මාසයේ සිය මාසික දේශපාලන මණ්ඩල රැස්වීම නොපැවැත්වූ අතර, ඒ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නොතිබීම කැපී පෙනේ.

මෙය පක්ෂය තුළ ෂී ජින්පින්ගේ බලය බිඳවැටීම, අභ්‍යන්තර එදිරිවාදිකම් සහ වැඩෙන විසම්මුතිය පිලිබඳ ප්‍රබල කටකතා අවුලුවා ඇත.

බීජිං හි ඉහළ මට්ටමේ නිලධාරීන් උපුටා දක්වමින්, එක්සත් ජනපදයේ ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු වන කායි ෂෙන්කුන් පැවසුවේ, පක්ෂයේ සහ හමුදාවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ෂී ජින්පින්ට බලපෑම් එල්ල වී ඇති බවයි.

අසාර්ථක රාජ්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති, මහජන සම්පත් නාස්තිය, දේශපාලන උල්ලංඝනයන් සහ බලය ඉක්මවා යාම වැනි දේ සම්බන්ධයෙන් ෂී ජින්පින්ට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img