28.4 C
Colombo
Sunday, July 6, 2025

ලසිත් මාලිංග රට වෙනුවෙන් IPL අත්හරී ………

Published:

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා බව ශී‍්‍ර ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසනවා.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිිිටියා. මාලිංග මේ දක්වා විස්සයි විස්ස තරගවලදි දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 97 ක්. ඔහුට වඩා ඉහළින් සිටින්නේ පාකිස්තානය නියෝජනය කළ සහීඞ් අෆ්රිඩි පමණයි.

අෆ්රිඩි විස්සයි විස්ස කඩුළු 98 ක් දවාගෙන තිබෙනවා. ඒ අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල වැඩිම කඩුළු ලාභියාවීමට ලසිත් මාලිංගට අවශ්‍ය වන්නේ තවත් කඩුළු 2 ක් පමණයි. අයි පී එල් තරගාවලියේ වැඩිම කඩුළුලාභියා ලෙසද වාර්තා අතරට එක්ව සිටින්නේ ලසිත් මාලිංගයි.

මේ අතර අයි පී එල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට එහි පළමු තරග 6 අහිමි වී තිබෙනවා. ඒ, ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මෙහෙය වන අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම හේතුවෙන්. ගාල්ල කණ්ඩායමේ නායකත්වය දරන්නේද ලසිත් මාලිංගයි.

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරාගනු ලබන්නේ එම තරගාවලියේ දක්‍ෂතා අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img