29.5 C
Colombo
Sunday, July 6, 2025

තංගල්ල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්

Published:

තංගල්ල වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව නාවික හමුදාව පවසනවා.

එම අවස්ථාවේ ධීවරයින් 6 දෙනෙකු එහි ගමන්කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම අනතුරින් ධීවරයින් 4 දෙනෙකු බේරාගෙන ඇති අතර. ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (28) පෙරවරුවේ තංගල්ල ධිවර වරායෙන් ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ‘මැක්සිම් පුතා 01’ නැමති බහුදින ධීවර යාත්‍රාව තංගල්ල ආසන්න මුහුදේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා හම්බන්තොට සහ තංගල්ල පදිංචි 39 හා 49 හැවිරිදි ධිවරයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img