30 C
Colombo
Saturday, July 5, 2025

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ටෙස්ට් ජයක්

Published:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ අද නිමාවු දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 78 කින් ජයගනිමින්.

තරගයේ හතරවන දිනය වන අද බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කලේ කඩුලු 6 ක් දැවී ලකුණු 115 ක් ලබාසිටියදී.

ලකුණු 18 කදී බංග්ලාදේශ කණ්ඩායමේ ඉතිරි කඩුලු 4 දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවුණා.

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 133 ක් පමණයි.

ප්‍රභාත් ජයසුරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5ක් දවා ගත් අතර ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවාගත්තා.

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 247 කට සීමාවූ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 458 ක් රැස්කළා.

දෙවන ටෙස්ට් තරගයේ සහ ටෙස්ට් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුනේ පැතුම් නිස්සංකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img