26 C
Colombo
Monday, October 13, 2025

පැහැරගත් බව කියූ වැලිගම මන්ත්‍රී යුවළ උණවටුන මුහුදු තීරයෙන් හමුවෙයි

Published:

අතුරුදන්වූ බව කියූ වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය ගාල්ල උණවටුන මුහුදු තීරයේදී සොයාගෙන තිබෙනවා.

මෙසේ අතුරුදන් වූයේ අජිත් ප්‍රියන්ත, කමනි අල්විස් යන අයයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක අතර ඉන්පසු ඒ පිළිබඳ තොරතුරු දැනුම් දෙන බවයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමට අද එහි මංගල සභා වාරය පැවති අතර එහිදී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියේ අදාළ සභිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවයි.

ඉන්පසු සභාවේ හටගත් නොසන්සුන් තත්ත්වය හමුවේ සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැණුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,268FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img