27.2 C
Colombo
Monday, July 7, 2025

ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රිමාන්ඩ්

Published:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයාවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ජූලි 1 වැනිදාදක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඔහු අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

දූෂණ චෝදනා 3 ක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

ඒ අනුව ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ,

(01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.

(02.) 2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.

(03) 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img