25 C
Colombo
Thursday, August 21, 2025

ගාසා යුද්ධය සති දෙකකින් නවතී?

Published:

ඉරානය සමඟ දින 12 ක් තිස්සේ පැවති ගැටුම් අවසන් කිරීමෙන් පසු ගාසා යුද්ධය අවසන් කිරීම කෙරෙහි ඊශ්‍රායල හා ඇමරිකානු රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පිළිබඳ සෘජුවම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ උපායමාර්ගික කටයුතු අමාත්‍ය රොන් ඩර්මර් අතර සිව්-මාර්ග දුරකථන සංවාදයක් පැවති බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒබ්‍රහම් ගිවිසුම් ව්‍යාප්තියේ කොටසක් ලෙස, අරාබි රාජ්‍යයන් සමඟ නව සාම ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහුගේ අරමුණක්.

ඒබ්‍රහම් ගිවිසුම (Abraham Accords) යනු ඊශ්‍රායලය සහ අරාබි රාජ්‍යයන් කිහිපයක් අතර සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා වන ගිවිසුම් මාලාවක්.

ඉරාන ඇමරිකා බලධාරීන් පොදුවේ මූලික මූලධර්ම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ගාසා යුද්ධය සති දෙකක් ඇතුළත අවසන් කිරීමටත් හමාස් ත්‍රස්තවාදී සංවිධානය ප්‍රතිස්ථාපනය කරමින් ගාසා තීරය පරිපාලනය කිරීම ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළුව අරාබි ජාතීන් හතරක් විසින් සිදුකරනු ඇති.

ඉතිරි හමාස් නායකත්වය වෙනත් රටවලට පිටුවහල් කිරීමටත් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමටත් නියමිතයි.

සංක්‍රමණය කිරීමට අපේක්ෂා කරන ගාසා තීරයේ වැසියන් ලොව පුරා බොහෝ ජාතීන් විසින් පිළිගනු ඇති බවත් අදාළ සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img