අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව සිදු කරන ලද විමර්ශන වලදී Facebook, Whatsapp, Telegram, Skype, We chat ආදී සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන අපරාධයන්ට මෙරට පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් ඇති බවට නිරීක්ෂණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරනවා.
එබැවින් සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් සහ Facebook, Whatsapp, Telegram, Skype, We chat යන සමාජ ජාල මගින් විවිධ පුද්ගලයන් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙනු ලබන දැන්වීම්, විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට ලබා දෙන අන්තර්ජාල දිගු (Link), නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු නොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ඉල්ලා සිටින්නේ.
එමෙන්ම තම පුද්ගලික බැංකු ගිණුම් විස්තර නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නොහදුනන පුද්ගලයන්ගෙන් තම ගිණුම් වෙත ලැබෙන මුදල් තෙවැනි පාර්ශවවල උපදෙස් පරිදි ඔවුන් විසින් ලබා දෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීම සිදු නොකරන ලෙසත්, පොලිසිය ඉල්ලා සිටිනවා.