ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03 ක් සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිකර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පොදු ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නන්, සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ කරන්නන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි කිරීම අද සිට ලබන මස පළමු වනදා දක්වා සිදු කිරීමටයි සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත්, නොවැළැක්විය හේතුවක් මත ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළා.