29 C
Colombo
Monday, October 13, 2025

රටවල් 13 කට රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශගත වීමේදී නීති දැඩිවෙයි

Published:

ලබන මස 01 දා සිට රටවල් 13 ක් සදහා ස්වයං මාර්ගයෙන් කිසියම් සේවා යෝජකයෙකු වෙත ගෘහස්ථ නොවන රැකියාවක් සඳහා පළමු වරට විදේශ ගත වන්නේනම් රැකියා ගිවිසුම අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පෙර රැකියා ගිවිසුම සහතික කරගැනීම මෙලෙස අනිවාර්ය කර ඇති රටවල් වන්නේ, සෞදි අරාබිය, කුවේට්, බහරේන්, කටාර්, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මලයාසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයයි.

ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සලකා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ සදහා ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත වෘත්තිය දැක්වෙන විදේශ ගමන් බලපත්‍රය හෝ වෘත්තිය භාවය සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img