23.4 C
Colombo
Friday, November 28, 2025

ටොෆි ආසාදනය වීමෙන් පාසල් සිසුන් ඇතුළු 29 දෙනෙකු රෝහලේ

Published:

අලෙවියට තබා ඇති ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික වීම හේතුවෙන් ගොකරැල්ල – පොල්ගොල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් ඇතුළු 29 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ ගොකරැල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල්ගත කළ පිරිස අතර ගුරුවරුන් තිදෙනෙකු සහ සිසුවෙකුගේ මවක් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් මෙම ටොෆි වර්ගය මොවුන් මිලදී ගෙන ඇති අතර ආහාරයට ගැනීමෙන් පසු ඔවුන්ට ක්ලාන්තය, ශරීරයේ කැසීම වැනි රෝග ලක්ෂණ හටගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,479FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img