29.5 C
Colombo
Sunday, July 6, 2025

චීනයේ පිපිරීමකින් පුද්ගලයින් 47ක් මරුට : පිපිරීමේ ප්‍රබලත්වය නිසා භුකම්පනයක් සිදුවෙලා ……..

Published:

නැගෙනහිර චීනයේ යුන්චෙන් නුවර පිහිටි  රසායනික කර්මාන්ත ශාලාවක පිපිරීමෙන් පුද්ගලයින් 47 දෙනෙක් මිය ගොස් ඇති බව චීනයේ මාධ්‍ය වාර්තා කර සිටිනවා .අනතුරින් පුද්ගලයන් 90 කට අධික සංඛ්‍යාවක බරපතල තුවාල ලබා ඇති අතර සහන සේවකයින් 3000ක් පමණ විපතට පත්වූ පිරිස් බේරා ගැනීමට යොමු කර තිබෙනවා.

මිට අමතරව තවත් පුද්ගලයින් 640 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ඇති අතර කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්න මේ වන විට මැඩපැවැත්වීමට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.

චීනයේ කර්මාන්ත ශාලාවක මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස මෙය හැදින්විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
විපතට පත්වූ කර්මාන්ත ශාලාවේ සිරවී සිටින ජනතාව බේරා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ෂින් ජින්පින් බළධාරීන්ට නියෝග කර තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකි 03ක සිදුවූ විශාල පිපිරීම හේතුවෙන් ඒකක 2.2ක ප්‍රබලත්වයෙන් යුත් භුචලනයක් ද වාර්තා වූ බවයි චීන කාලගුණ විද්‍යා ඒකකය සඳහන් කර සිටියේ.

මෙම පිපිරිම හේතුවෙන් කර්මාන්ත ශාලාව අවට පිහිටි ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුවී ඇති අතර ඒ මෙම පිපිරීමේ ප්‍රභලත්වය හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img