ලෝකයේ දැනට පවතින න්‍යෂ්ටික නොවන බලගතුම බෝම්බය වන ‘බංකර් බස්ටර්’ බෝම්බ හෙළා අමෙරිකාව ඉරානයේ සිදුකළ ගුවන් ප්‍රහාරක මෙහෙයුමෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල අත්වී නොමැති බවට අමෙරිකානු ඔත්තු සේවා වාර්තාවකින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්කර නොතිබුණත් අමෙරිකානු රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ පිලිබඳ වාර්තා කර තිබුණා.
ඒ අනුව අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික තාක්ෂණික හැකියාවන් මුළුමනින්ම විනාශ කිරීමට අසමත් වී ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.
ඉන් ඔවුන් මාස ගණනාවක් ආපස්සට යාමක් පමණක් සිදුකර ඇති බව අමෙරිකානු බුද්ධි සේවාවන් සිදුකළ මූලික ඇගයීමේදී අනාවරණය වී තිබෙනවා.
රාත්තල් 30,000 බැගින් වූ බංකර් බස්ටර් බෝම්බ පෙළක් B2 ප්‍රහාරක යානා මඟින් හෙළමින් පසුගිය සති අන්තයේ සිදුකළ මෙහෙයුම හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට හැකි වූ බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
එහෙත් අමෙරිකාවේ ප්‍රධානතම බුද්ධි සේවාවක්වන ආරක්ෂක බුද්ධි සේවාව මඟින් සිදුකළ මූලික ඇගයීමේදී හෙළිදරව් වී ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ එම ප්‍රහාරවලින් මුළුමනින්ම විනාශ කිරීමට නොහැකි වී ඇති බවයි.
එමෙන්ම ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් සඳහා යොදාගත හැකි ලෙසට නිස්සාරය කරමින් තිබූ න්‍යෂ්ටික ඉන්ධන තොගයක් එම ප්‍රහාරවලින් විනාශ වී නොමැති බව අමෙරිකානු ආරක්ෂක බුද්ධි සේවාව ඔවුන්ගේ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා.