23.4 C
Colombo
Friday, November 28, 2025

මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවට ඇති වෙන බලපෑම ගැන සොයන්න අමාත්‍ය අනුකමිටුවක්

Published:

මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතවී ඇති යුද තත්ත්වය සමග ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා.

පූර්ව සුදානමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක්විය හැකි සියලු කේෂ්ත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කර තිබෙනවා.

එම අනුකමිටුවට සහාය වීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා.

කමිටු සාමාජිකයින් වන්නේ,

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් (සභාපති)
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,479FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img