31 C
Colombo
Saturday, February 28, 2026

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පන්ති තහනම්

Published:

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පංති තහනම් කිරීම සිදුකළ බවයි.

නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවධය ලබාදෙන වීඩියොවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ සිසුන්ගේ පංති තහනම් කළ බව සඳහන්.

තෙවන සහ දෙවන වසරේ ඉංජිනේරු පීඨයේ සිසුන් 22 කුට මෙම පංති තහනම පනවා තිබෙනවා.

නවකවධය ලබාදීමේ සිද්ධියට අදාළව පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,503FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img