සටන් විරාමය කඩ කරමින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය විසින් එල්ල කරන චෝදනාව ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සටන් විරාමය ක්‍රියාත්මක වී පැය කිහිපයකට පසු ඉරානය එය උල්ලංඝනය කළ බවට ඊශ්‍රායලය මීට පෙර චෝදනා කළ අතර, ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ටෙහෙරානයට බලගතු ප්‍රතිචාරයක් දක්වන බවට ප්‍රතිඥා දුන්නා.
“එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය ඉරානය අමු අමුවේ උල්ලංඝනය කිරීම” සැලකිල්ලට ගනිමින්, “ටෙහෙරානයේ රජයේ වත්කම් සහ ත්‍රස්තවාදී යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉහළ තීව්‍රතාවයකින් යුත් මෙහෙයුම් දිගටම කරගෙන යාමට” හමුදාවට නියෝග කළ බව ඊශ්‍රායල් කැට්ස් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.