30.6 C
Colombo
Monday, July 7, 2025

ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ගේ ශ්‍රී ලංකා සංචාරය

Published:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු වුණා.

එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ ඵලදායී මැදිහත්වීමක් සඳහා රජයේ කැපවීම අමාත්‍ය විජිත හේරත් විසින් නැවත අවධාරණය කර තිබෙනවා.

නව රජය බලයට පත්වීමෙන් පසු සංහිඳියා ප්‍රයත්නයන් සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ට විස්තර කළා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ඵලදායී ලෙස සහ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට රජයේ කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය එහිදී සිහිපත් කළා.

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්ථනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ ඇය, සියලු ප්‍රජාවන්ගෙන් ලැබුණු ඓතිහාසික ජනවරම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු කරන බවද සඳහන් කළා.

සමාජයීය, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළුව මානව හිමිකම්වල සම්පූර්ණ ව්‍යුහමය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී ක්‍රියා කරන බව ඇය නැවත අවධාරණය කළා.

අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) වැනි දේශීය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සඳහා සහාය වන බවද ඇය අවධාරණය කළා.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත්වීම මහ කොමසාරිස්වරයා අගය කළ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේදී ද්විපාර්ශවික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img