ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් දැන් ක්‍රියාත්මක බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
දෙපාර්ශ්වයම එය උල්ලංඝනය නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
ඊශ්‍රායලයේ ගිලන්රථ සේවයට අනුව ඉරානය නව මිසයිල රැල්ලක් දියත් කිරීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගිය අතර, අද උදෑසන උතුරු ඉරානයේ ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු මිය ගිය බව ඉරාන බලධාරීන් වාර්තා කළා.
කෙසේ වෙතත් එම ප්‍රහාරවලින් අනතුරුව ඊශ්‍රායලයත් ඉරානයත් ඇමරිකාව යෝජනා කළ සටන්විරාමයට එකඟ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ට්‍රම්ප්ගේ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායලය එකඟ වූ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවා.
ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල තර්ජනය ඉවත් කිරීමේ ඉලක්කය ඊශ්‍රායලය සපුරා ඇති බවත් එසේ වුවත් ඕනෑම උල්ලංඝනයකට බලහත්කාරයෙන් ප්‍රතිචාර දක්වන බවටයි නෙතන්‍යාහු අගමැතිවරයා ප්‍රකාශ කළේ.
ටෙහෙරානය සටන් විරාමයකට එකඟ වූ බව ඉරාන නිලධාරියෙකු මීට පෙර තහවුරු කළ නමුත්, ඊශ්‍රායලය සිය ප්‍රහාර නතර කරන තුරු සතුරුකම් නතර නොවන බව එරට විදේශ අමාත්‍යවරයා පවසා තිබුණා.
කෙසේ වෙතත් කටාරයේ මැදිහත්වීමෙන් ඇමරිකාව ගෙනා යෝජනාවට ඉරානය දැන් එකඟ වී ඇති බවයි නවතම විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.