ඉරානයේ න්‍යශ්ටික මධ්‍යස්ථාන 3 කට ඇමරිකාව එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් ඉරානය ඊයේ මැදපෙරදිග පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත ප‍්‍රහාර එල්ල කළා.
මැදපෙරදිග විශාලතම ඇමරිකානු කඳවුර වන කටාර් රාජ්‍යයේ පිහිටි අල් උඩෙයිඞ් ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාරයක් එලල් විය හැකි බවට කලින් අනතුරු ඇඟවීම් සිදුකර තිබූ බැවින් කටාර් රාජ්‍ය පළමුව සිය ගුවන් කලාපය වසා දැමීමට ද පියවර ගත්තා.
නමුත් ඉන් සුළු වේලාවකට පසුව ඉරානය විසින් මිසයිල ප‍්‍රහාර එල්ල කරමින් ඇමරිකාවට එරෙහි සිය පළිගැනීමේ මෙහෙයුම වන Annunciation of Victory ආරම්භ කළා.
මෙහෙයුමේදී භාවිතා කළ මිසයිල සංඛ්‍යාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප‍්‍රහාරයේදී එක්සත් ජනපදය භාවිතා කළ බෝම්බ සංඛ්‍යාවට සමාන වූ බවත්, ඉරාන හමුදා විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයේදී ඉලක්ක කරගත් කඳවුර කටාර්හි නාගරික පහසුකම් සහ නේවාසික ප‍්‍රදේශවලින් බොහෝ දුරස්ව පැවති බවත් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පවසා තිබුණා.
කෙසේ වෙතත් මෙම මිසයිල වලින් එකක් හැර අනෙක් සියලූ මිසයිල ව්‍යර්ථා කළ බවත් එල්ල වූ එකම මිසයිලයෙන්ද බලපෑමක් නොවූ බවත් වාර්තා වෙනවා.
මේ අතරෙ කටාර්හි ගුවන් කලාපය මේ වන විට නැවත විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය, කටාර්හි අල් උඩෙයිද් ගුවන් කඳවුර ඉලක්ක කර ගැනීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය දැඩි ලෙස හෙළා දැක තිබුණා.
මෙහෙුයුම ආරම්භ කරමින් ඉරානය ඉරාකයේ හමුදා කඳවුරකටත් ප‍්‍රහාර එල්ල කළා.
දෝහා වෙත පහරදීමෙන් පසු එය සිය මිතුරු දෝහා රාජ්‍ය ඉලක්ක කළ ප‍්‍රහාරයක් නොවන බව ඉරානය ප‍්‍රකාශ කළත් කටාර් විදේශ අමාත්‍යංශය පැවසුවේ ජාත්‍යන්තර නීතියට අනුකූලව, මෙම නිර්ලජ්ජිත ආක‍්‍රමණයේ ස්වභාවයට සමාන ආකාරයකින් සෘජුවම ප‍්‍රතිචාර දැක්වීමේ අයිතිය කටාර් රාජ්‍යය සතු බව.
ඉරාකය සහ කටාර් රාජ්‍යට අමතරව කුවේට් සහ බහරේන්වල ඇමරිකානු කඳවුරුවලටත් ප‍්‍රහාර එල්ල වුණු බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර සිරියාවේ බටහිර හසාකා පළාතේ පිහිටි ඇමරිකානු කඳවුරුකට එල්ල වූ මෝටාර් ප‍්‍රහාරයකින් පසුව කඳවුරේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් ඒ ප‍්‍රහාරය ඉරානයට සහය දක්වන සිරියාවේ කුර්දිෂ් සටන්කරුවන් විසින් එල්ල කරන්නට ඇති බවටයි වාර්තා වුණේ.
උද්ගත වුණු තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේන්, කුවේට් යන රටවල් තමන්ගේ ගුවන් කලාප වසා දැමුවා.