30 C
Colombo
Saturday, July 5, 2025

මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි

Published:

ඇන්ජලෝ මැතිව්ස් අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් පිටියට සමු දුන්නා.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීයී.

තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් අද මෙලෙස ටෙස්ට් පිටියට සමු දුන්නා.

පුරා දශක එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ලකුණු 8,214 ක් ලබා ගෙන ඇති මැතිව්ස් ටෙස්ට් ශතක 16 කට සහ අර්ධ ශතක 45 කට හිමිකම් කියනවා.

මේ අතර තරග දෙකකින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (21) ජය පැරදුමකින් තොරව නිමාවට පත් වුණා.

දින 05ක් තිස්සේ පැවති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ නිමාවත් සමඟ තරගය අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ වනවිට දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 04ක් දැවී ලකුණු 72ක් රැස් කරගෙන සිටියා.

දෙවෙනි ඉනිම සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 296ක් වන අතර, තරගය අත්හිටුවන අවස්ථාව වනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 12ක්ද, නායක ධනංජය ද සිල්වා ලකුණු 12ක්ද රැස් කරගෙන සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img