31.7 C
Colombo
Monday, July 7, 2025

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

Published:

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි, ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළේ, නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය ඇමතීමෙන් එම සහය ලබා ගත හැකි බවයි.

දුරකථන අංක පහතින්,

+989010144557
+989128109115
+989128109109

මේ අතර ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සතුව ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්යය බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන්තොටුපල වසා තැබීම හේතුවෙන් එරටින් පිටවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් අදාළ ලියකියවිලි ලබාගැනීමෙන් පසු ඊජීප්තු දේශ සීමාව හරහා පැමිණිය හැකි බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය මීට පෙර දැනුම්දීමක් සිදුකරන තිබුණා.

කෙසේවෙතත් ඊයේ දිනයේ ඊජිප්තුව දේශසීමා පිවිසුම හරහා ගමන් කර එරට කයිරෝ ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාව බලා යෑමට පිටත්වූ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා අතර සිටි ඊශ්‍රායලයේ විසා නොමැති ශ්‍රී ලාංකිකයෙකු ඊජීප්තු බලධාරීන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට ලක්කෙරුණා.

ඉන්පසු ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත ඒ පිළිබඳ දැනුම්දී තිබෙනවා.

අනතුරුව ඊජිප්තු දේශසීමා හා ආරක්ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකිවූ බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

එමෙන්ම හදිසි තත්ත්වයක් මත වුව ද ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍ර නොමැති හෝ කල් ඉකුත්වූ වීසා බලපත්‍රවලින් විදේශිකයින්ට ඊජිප්තුවට ඇතුළු වීමට නොහැකි වනවා.

එලෙස ගමන් කිරීමට උත්සහ කළහොත් දීර්ඝ ප්‍රශ්න කිරිමකට ලක්වීමට මෙන්ම ඇතැම්විට අත්අඩංගුවට පත්වීමට පවා සිදුවිය හැකි බවයි ඊශ්‍රායල තානාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඊශ්‍රායලයේ වීසා නොමැති හෝ වීසා කල් ඉකුත් වූ ශ්‍රී ලාංකිකයින් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකෙරෙන අතර ඊශ්‍රායලයේ වලංගු විසා නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා පිටත්වයාමට ටෙල්-අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වනතුරු සිටිය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img