23.9 C
Colombo
Tuesday, January 13, 2026

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූ කම්පනයක්

Published:

උතුරු ඉරානයේ රික්ටර් මාපකයේ 5.1 අගයක් ගත් භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් ගැඹුරට වන්න මෙම භූකම්පනය සිදුව තිබෙනවා.

ඉන් සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නොමැති වුවත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවීම් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවල දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img