30.6 C
Colombo
Friday, August 22, 2025

ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ්ට වසර 22 ක සිර දඩුවමක්

Published:

ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ් මර්සුකිට එරට අධිකරණය මගින් වසර 22 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඒ ඔහු ජනාධිපති ධුරය දරන සමයේ, ටියුනීසියාවේ රාජ්‍ය ආරක්ෂාව අඩපන කිරීමේ චෝදනාව මතයි.

මොහු 2011 වසරේ සිට 2014 දක්වා කාලය තුල ටියුනීසියාවේ ජනාධිපති ධුරය හොබවා තිබෙනවා.

කෙසේවෙතත් නඩු තීන්දු සම්බන්ධයෙන් අදහස් දක්වෙමින් දේශපාලන රැකවල් මත ප්‍රංශයේ පැරිස් නුවර රැදී සිටින හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, අධිකරණයට තමන්ට කිසිවක් කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img