30 C
Colombo
Sunday, October 12, 2025

ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට – නියෝජ්‍ය නගරාධිපති පොහොට්ටුවෙන්

Published:

ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම අද (20) පළාත් පාලන මහ කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී, නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනවාද, එසේත් නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න තීරණය කිරීම සඳහා ඡන්ද විමසුමක් පැවතුණා.

එහිදී 19 දෙනෙකු රහස් ඡන්දයට පක්ෂවත්, 17 දෙනෙකු විවෘත ඡන්දයට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

බහුතර කැමැත්ත මත, රහස් ඡන්දයෙන් ඡන්ද විමසුම සිදු කිරීමට තීරණය කිරීමත් සමඟ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර, පසුව සමගි ජන බලවේගයේ සභිකයින් කිහිප දෙනෙකු සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවා තිබුණා.

අනතුරුව පැවති රහස් ඡන්දයේදී ඡන්ද 19 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ සුනිල් ගමගේ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වී තිබෙනවා.

මෙහිදී නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු තේරීපත් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img