31.7 C
Colombo
Monday, July 7, 2025

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ – අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

Published:

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ඒ අනුව 2029 වසර සඳහා ද ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සඳහන් කළේ.

මේ අතර 2029 වසරෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එළඹෙන 2028 වසරේ දී කමිටුවක් පත්කිරීමට නියමිතව ඇතැයි ද ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

තව ද විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img