25 C
Colombo
Thursday, August 21, 2025

හිටපු ඇමති කෙහෙළියගේ අනෙක් දියණියන් දෙදෙනා සහ බෑණා කෙනෙකු අල්ලස් කොමිසමට

Published:

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන (19) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබෙනවා.

එමෙන්ම ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණියක් වන චන්දුලා රමලි රඹුක්වැල්ල ඊයේ (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණා.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන්ව ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර ගතකෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img