කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීම අද(සඳුදා) පෙ.ව. 9:30 ට කොළඹ නගර ශාලාවේදී කැඳවීමට නියමිතයි.
ප්‍රධාන න්‍යාය පත්‍රය අනුව මන්ත්‍රීවරුන් 117 දෙනාගේ ඡන්දයෙන් නව නගරාධිපතිවරයකු සහ නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරා පත්කර ගැනිමට නියමිතයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක් පැහැදිලි බහුතරයක් දිනාගැනීමට සමත් වුණේ නැ.
ඒ අනුව තරඟය අපේක්ෂකයන් දෙදෙනෙකුට සීමා වී තිබෙනවා.
ඒ ව්‍රායි කැලි බල්තසාර් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සහ රීසා සරූක් සමගි ජන බලවේගය නියෝජනය කරමින්.
ජාතික ජනතා බලවේගයේ ව්‍රායි බල්තසාර් පක්ෂයේ විධායක කමිටු සාමාජිකාවක් .
ජාතික ජනතා බලවේගය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආසන 48 ක් හිමිකරගෙන ඇති අතර, ඔවුන් මහ නගර සභාවේ විශාලතම කණ්ඩායම වන නමුත් බහුතරයක් ලැබී නැහැ.
රීසා සරූක් (සමගි ජන බලවේගය) නීතිඥවරයෙක් සහ ව්‍යාපාරිකයෙක්.
ඔහු සමගි ජන බලවේගය සහ ඊට සහයෝගය පළකරන කණ්ඩායම්වල නියෝජිතයායි.
ඔවුන් ආසන 29 ක් දිනාගෙන තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ආසන 117 බෙදී ගොස් ඇත්තේ මෙලෙසයි.
ජාතික ජන බලවේගය – ආසන 48
සමගි ජන බලවේගය – ආසන 29
එක්සත් ජාතික පක්ෂය – ආසන 13
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 5
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – ආසන 4
අනෙකුත් (සුළු පක්ෂ සහ ස්වාධීන): ආසන 18
සරල බහුතරයක් සඳහා ඡන්ද 59 ක් අවශ්‍ය වන අතර එම සීමාවට ළඟාවීමට ප්‍රධාන කණ්ඩායම් දෙකම කුඩා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය අපේක්ෂා කරනවා.