උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ හෙලිකොපටර් යානය ඩෙහ්රාඩුන් සිට ගුවන් ගත වී ඇති අතර, හිමාලයානු දේවාලය අසල ඉහළ උන්නතාංශ කලාපයක් වන ගෞරිකුන්ද් අසලදී ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා නැති වී ඇති බවයි
පසුව සිදුකළ සෝදිසියකදී ත්‍රිජුගිනාරායන් සහ ගෞරිකුන්ද් අතර තිබී කඩා වැටුණු හෙලිකොපටරයේ සුන්බුන් සොයා ගෙන තිබෙනවා
අනතුර සිදුව ඇත්තේ ඉන්දීය වේලාවෙන් අලුයම 5.20ට පමණ බවයි සදහන් වන්නේ
යානය අනතුරට පත්වන අවස්ථාවේ යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සිට තිබෙනවා.
වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවෙකු යානයේ ගමන් කර ඇති අතර ඔවුන් උත්තරාකන්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි අයයි.
තාක්‍ෂණික ගැටලු සහ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.