30 C
Colombo
Saturday, July 5, 2025

2025 ICC ලෝක ටෙස්ට් ශූරතාව දකුණු අප්‍රිකාවට

Published:

ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වුණු ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය හිමි කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩාය​ම ක්‍රිකට් ඉතිහාසයේ හිමි කරගත් ඉහළම ජයග්‍රහණය ලෙස මෙය සටහන් වෙනවා.

ඊයේ (13) සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාවට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හිමි වී තිබුණු අතර, තෙවන දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 213 ක් ලබා සිටියා.

අද සිව්වන දිනයේදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ලකුණු 282 ක ඉලක්කය සපුරාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම 2025 ටෙස්ට් ලෝක ශූරතාවය හිමි කර ගැනීමට සමත් වුණා.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවෙනි ඉනිම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කළ Aiden Markram ලකුණු 136 ක් ලබා ගත් අතර, නායක Temba Bavuma ලකුණු 66 ක් ලබා ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 212 ක් ලබා ගත්තා‍.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138 ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහිදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ David Bedingham ලකුණු 45 ක් ලබාගත්තා.

යළිත් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 207 ක් ලබාගත් අතර, පන්දුවට පහරදීමේදී Mitchell Starc ලකුණු 58 ක් හා Alex Carey ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img