28.4 C
Colombo
Sunday, July 6, 2025

UPDATE – කඩාවැටුණු ඉන්දීය ගුවන් යානයේ සියලුදෙනා මිය ගිහින් ?

Published:

UPDATE

අනතුරට ලක් වූ ගුවන් යානයේ ගමන් ගත් කිසිවෙකුත් දිවි ගලවාගෙන නැතැයි අහමදාබාද් නගර පොලිස් කොමසාරිස්වරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සඳහන් කර තිබෙනවා.

“ගුවන් අනතුරින් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බව පෙනේ,” යනුවෙන් කොමසාරිස් ජී.එස්. මලික් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, නේවාසික ප්‍රදේශයක ගුවන් යානය කඩා වැටීමත් සමඟ “සමහර ප්‍රදේශවාසීන් ද මිය යන්නට ඇති” බව ඔහු තවදුරටත් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සඳහන් කර තිබෙනවා.

————————————————————————————————————–

අනතුර සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් එයාර් ඉන්දියා සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් පවසන්නේ මෙම ඛේදනීය අනතුරට මුහුණදුන් පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන බවත්, මේ මොහොතේ මූලික අරමුණ වන්නේ බලපෑමට ලක් වූ සියලුම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීම බවයි.

තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සඳහා ප්‍රවාහනය කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් සකස් කරන කරන ලෙසත්, රෝහලේ අවශ්‍ය සියලුම වෛද්‍ය කටයුතු ප්‍රමුඛතාවය මත සිදු කරන බවට සහතික කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයා පවසනවා.

අනතුර සිදුවු අහමදාබාද් හි ‘සර්දාර් වල්ලභභායි පටෙල්’ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’  ගුවන් යානයේ සිටි මගීන්ගේ වාර්තාවක් එම ගුවන් සේවය නිකුත්කර තිබෙනවා.

අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ ‘AI 171’ නම් ගුවන් යානය අද (12)  ගුවන්ගත වී තත්ත්පර කිහිපයකට පසු එනම්, ඉන්දීය වේලාවෙන් ප.ව. 1.38ට පමණ මෙම අනතුර සිදු වූ බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කර තිබෙනවා.

බෝයිං 787-8 වර්ගයේ යානයක් මෙම අනතුරට ලක් ඇති අතර, එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇති බවයි පැවසෙන්නේ.

ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්. 

ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට තිබෙනවා.

තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.


ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් කඩාවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242 ක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා වී නැහැ.

අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ගිනිනිවන රථ පහකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අනතුර සිදු වූ ස්ථානය වෙත යොමුකර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img