මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (11) අලුයම වැල්ලම්පිටිය මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයින් 15 ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වැල්ලම්පිටිය ඉන්ධන පිරවුම්හලත් මීතොටමුල්ල හංදියත් අතර මාර්ගය අයිනේ පිහිටා ඇති හාඩ්වෙයාර් ආයතනයකට අයත් ලොරි රථයක් රාත්‍රී කාලයේ එම වෙළඳ ආයතනය ඉදිරිපිට මාර්ගය අයිනේ නතර කර තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අධික වේගයෙන් පැමිණ ඇති මගි බස් රථය මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථය පිටුපස ගැටීඇති අතර නවතා තිබූ අනෙකුත් වාහන රැසකටද අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.