24.5 C
Colombo
Wednesday, November 26, 2025

ලොස් ඇන්ජලිස් විරෝධතා මැඩලන්න ජාතික ආරක්ෂක භටයින් 2,000ක් හා මැරීන් භටයින් 700ක්

Published:

නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට ප්‍රතික්‍රියා වශයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ ඉකුත් දා, ව්‍යාජ අවසරපත් භාවිත කරමින් අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා නියෝග කිරීමෙන් අනතුරුව උත්සන්න වූ විරෝධතා තීව්‍ර වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. 

එම විරෝධතාවල කේන්ද්‍රස්ථානය ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් දියත් වුණා. 

ඊට පිළිතුරු වශයෙනුයි එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් හා මැරීන් භටයින් 700ක් යෙදවීමට පියවර ගෙන ඇත්තේ. 

මේ අතර අමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන අතරතුරද ලොස් ඇන්ජලීස් නගරය පුරා සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img