29 C
Colombo
Sunday, October 12, 2025

පහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් රෝහලට

Published:

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර තිබුණා.

බේරුවල ධීවර වරාය ආසන්නයේදී පිරිසක් ඊයේ රාත්‍රියේ ලොරි රථයක නැග මාර්ගයේ බෞද්ධ කොඩි එල්ලා විදුලි ආලෝකකරණ කටයුතු සිදුකරමින් සිට තිබෙනවා.

එම ස්ථානය අසලින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම පිරිසට පවසා ඇත්තේ, මාර්ගය අවහිර නොකර එම කටයුතු සිදුකරන ලෙසයි.

එහිදී දෙපාර්ශ්වය අතර නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන්ට එම පිරිස පහරදී ඇති බවයි.

ඒ අනුව පිරිස පාලනයට පොලිසිය අහසට වෙඩි තබා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img