29.5 C
Colombo
Thursday, August 21, 2025

බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට CID ආ ගම්මන්පිල

Published:

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම පිළිබද සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමට උත්සාහ ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා පැවසුවා.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img