30 C
Colombo
Thursday, July 17, 2025

යාපනය චෙම්මනි සමූහ මිනී වලෙන් තවත් මිනිස් ඇට සැකිලි 19 ක් සොයාගනී

Published:

යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයේ සමූහ මිනී වලෙන් ඊයේ (07) පස්වරුව වන විට මිනිස් ඇටසැකිලි 19 ක් සොයාගෙන තිබෙනවා. 

එම මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සකස් කෙරෙන තුරු සමූහ මිනී වලේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර යළිත් මේ මස 26 වෙනිදා සිට කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

චෙම්මනි ප්‍රදේශයේදී සමූහ මිනී වළක් 1996 වසරේදී සොයා ගත් අතර එහි කැණීම් කටයුතුවලදී මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් සොයා ගත්තා. 

එමෙන්ම එම සමූහ මිනී වළ සම්බන්ධයෙන් නඩුවක්ද ගොණු වී තිබෙනවා. 

පසුව යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදුකළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් 2025 පෙබරවාරි මස 20 වන දා හමුවී ඇති බවයි වාර්තා වන්නේ. පසුව එම ස්ථානයේ කැණීම් කටයුතු අධිකරණ නියෝග මත ආරම්භ වූ අතර මිනිස් ඇට සැකිලි 19ක් හමු වී ඇත්තේ එම කැණීම්වලදීයි. 

මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ කැණීම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බවට සහතික වන ලෙසයි. 

ඔවුන්ගේ ඉල්ලීමට ප්‍රධාන ඉල්ලීම් තුනක් ඇතුළත් වෙනවා. ප්‍රමාණවත් සම්පත් වෙන් කිරීම, පවුල් සහ මාධ්‍ය සඳහා ප්‍රවේශය සහිත විනිවිදභාවය පවත්වා ගැනීම සහ ස්ථානයේ අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම එම ඉල්ලීම් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img