පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා දන්සැල් හත්දහසකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ, ලේකම් එච්.සී. මුතුකුඩ සඳහන් කළේ, හෙට පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචිය සිදුකරන බවයි.
මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් හෙට සිට අනුරාධපුර, මිහින්තලය සහ අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3,500 ක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.
එම සිද්ධස්ථාන මුල්කරගෙන රථවාහන හැසිරවීමට, බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ වැව් ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.