පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අද (08) උදෑසන 08.00ට අවසන් කරන බව එම ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
ඒ අනුව, අද උදෑසන 08.00 සිට සියළු සේවාවන් සුපුරුදු පරිදි සැපයෙන බවයි ඔහු සඳහන් කළේ.
උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් සේවයට බදවාගැනීමේ ගැටලු ඇතුළු කරුණු 05 කට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදුන් බව පවසමින් මෙම වර්ජනය පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරන වෘත්තීය සංගම් 5 ක් විසින් ආරම්භ කරනු ලැබුවා.
වර්ජනයේ නිරත වෘත්තිය සංගම් නියෝජිතයින් ජනාධිපති මහජන සම්බන්ධීකරණ කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණේ මේ අතරතුරයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව එම වෘත්තීය සමිතිවල විධායක සංගමය පෙරේදා රාත්‍රියේ රැස්වූ අතර වෘත්තීය සංගම් 4 ක් එම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත් හැරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් රවී කුමුදේශ් නියෝජනය කරන වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය ඊයේ දිනයේත් වර්ජනයේ නිරත වීමටයි තීරණය කරනු ලැබුවේ.
මේ අතර, සේවා ව්‍යස්ථාවේ පවතින ගැටලූ වලට විසදුම් ඉල්ලා රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමය හෙට සංකේත වර්ජනයක නිරත වන බවයි එම සංගමයේ සභාපති උපුල් රංජිත් කුමාර පැවසුවේ.