ජාතික පොසොන් සතිය අද (07) සිට ජූනි 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
මේ අතර, පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ඇප් එකක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානධිපතිවරයා පවසනවා.
රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමදාර මධස්ථාන ස්ථාපනය කර ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම ඇප් එක හදුන්වා දීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500ක් යොදවා ඇති බවයි ස්ථානධිපතිවරයා අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ.
යුධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන්ද මෙන්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම සියලුම වැව් සහ ජලාශ ආවරණය වන පරිදි ජීවිතාරක්ෂක නිලධාරීන්ද යොදවා ඇති බවද සඳහන්.
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලා රජමහ විහාරයේදී පැවැත්වෙනවා.