30.6 C
Colombo
Tuesday, January 13, 2026

ජගත් පරිසර දිනය අදයි

Published:

ජගත් පරිසර දිනය අද (05) දිනට යෙදී තිබෙනවා.

මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත්තේ, ‘කාන්තාර ඇති වීම වළක්වා, නැවත සරුසාර බිමක් ඇති කිරීම’ යි.

වර්ෂ 1972 ජූනි මස 05 වන දා ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවක දී ලෝක පරිසර දිනය සැමරීමේ වැදගත්කම ගැන කළ කතාබහේ ප්‍රතිඵල ලෙසින් 1973 වසරේ සිට ජූනි 05 වන දා සිට ලෝක පාරිසරික දිනය සමරනවා.

මේ අතර අද දිනයේ දී ජගත් පරිසර දිනය ශ්‍රී ලංකාව තුළ දී සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි පරිසර සැලසුම් හා විසඳුම් කියන ‘කෑගලු ප්‍රකාශනය’ ද අද එළිදැක්වීමට නියමිතයි.

මෙවර පරිසර අමාත්‍යාංශය විසින් අදාළ පරිසර දින සැමරුම් සංවිධානය කරනු ලබන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img