29 C
Colombo
Sunday, October 12, 2025

කෙහෙළිය සහ ඔහුගේ පුත්‍ රමිත්ට ඇප

Published:

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට අධිකරණය අද (ජූනි 3)  නියෝග කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් මෙලෙස ඔවුන්ට ඇප නියම කරනු ලැබී ය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මෙම නියෝගය නිකුත් කළා ය.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80 කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා ගොනුකරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img