26.1 C
Colombo
Tuesday, January 13, 2026

පලස්තීන තානාපති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හඬා වැටෙයි

Published:

ගාසා යුද ගැටුම් හේතුවෙන් ජීවිත අහිමිවූ කුඩා දරුවන් පිළිබඳ සිහි කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන තානාපති රියාද් මන්සූර් හඬා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙලෙස සංවේදී වී ඇත්තේ, පසුගිය මාර්තු මාසයේදී ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අවසන් වීමෙන් පසුව මේ දක්වා ගාසා තීරයේ දරුවන් 1,300ක් ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රකාශ කළ අවස්ථාවේදීයි.

“සටන් විරාමය අවසන් වූවාට පසු මේ දක්වා පලස්තීන දරුවන් 1,300ක් මිය ගිහින්. තවත් 4,000කට පමණ තුවාල සිදුවී තිබෙනවා. අහිංසක දරුවන් බිලි ගනිමින් මේ කුරිරු යුද්ධය තවදුරටත් සිද්ධ වෙනවා. තවත් දරුවන් විශාල ප්‍රමාණයක් ආහාර නැතුව දුර්වලවී මිය යනවා. දරුවන්ගේ මළසිරුරු වැලඳගෙන මවුවරු හඬා වැටෙන ඡායාරූප හද කම්පා කරවනවා. අපි හදවතක් නැති අය වගේ පලස්තීනුවන්ගේ තත්ත්වය දිහා බලා ඉන්නවා.” යනුවෙන් එහිදී ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img