29.5 C
Colombo
Sunday, July 6, 2025

ආරක්ෂාව අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ජාතික ආරක්ෂක කවුන්සිලයට

Published:

තමන්ට ආරක්ෂාව අවශ්‍යයයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්  සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු පවසන්නේ දැනට ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම අදහස් පළකර තිබේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු පසුගියදා කථානායකවරයා හමුවී පැවති සාකච්ඡාවකදී තමන්ගේ ආරක්ෂක ගැටලු ඉදිරිපත්කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන් වෙත දන්වන්න ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img