30.6 C
Colombo
Tuesday, January 13, 2026

සජබ සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි

Published:

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදි මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img