28.4 C
Colombo
Sunday, July 6, 2025

කටාර් රාජ්‍යයෙන් තෑගි ලෙස ට්‍රම්ප්ට දුන් ගුවන් යානය අමෙරිකානු රජය පිළිගනී

Published:

කටාර් රාජ්‍යයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදුන් ගුවන් යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් සේවාව වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා කටාර් රාජ්‍ය වෙතින් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයක් තැගී ලෙස ලබා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, සියලු නීති රේගුලාසීවලට අනුව අදාළ යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන ඇති බවය.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා අදාළ ගුවන් යානය භාවිත කිරීමට පෙර එහි වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට අවශ්‍ය වනු ඇති බව ධවල මන්දිරය පෙන්වා දී තිබේ.

කටාර් රාජකීය පවුල විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලබාදුන් මෙම ගුවන් යානය අමෙරිකානු ඩොලර් මිලියන 400ක පමණ වටිනාකමකින් යුක්ත වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයෙන් පසුව එය ඔහුගේ පුස්තකාලයට ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img