29.5 C
Colombo
Thursday, August 21, 2025

අමෙරිකාව ‘ගෝල්ඩන් ඩෝම්’ සැලැස්ම එළිදක්වයි

Published:

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ‘ගෝල්ඩන් ඩෝම්’ නැමැති අති නවීන මිසයිල ආරක්ෂක සැලැස්ම එළිදක්වා තිබේ.

මෙම සැලැස්ම සඳහා මූලික අරමුදල් ලෙස ඩොලර් බිලියන 25ක් වෙන් කර තිබුණ ද ව්‍යාපෘතිය අවසන් වන විට ඩොලර් බිලියන 175ක් පමණ වැය වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දි ට්‍රම්ප් ලබා දුන් පොරොන්දුවක් අනුව සිදු කෙරෙන මෙම ආරක්ෂක සැලැස්ම වසර තුනකින් පමණ ක්‍රියාත්මක වනු ඇති.

තම රට ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා‍ ලොව ඕනෑම ස්ථානයක සිට දියත් කෙරෙන මිසයිල වලට ප්‍රහාර එල්ල කිරීමට මෙම පද්ධතිය හරහා හැකියාව පවතින බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img